අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “Autumn Breeze” පුණ්‍යාධාර ප්‍රසංගයක් අගෝස්තු 24 බිෂොප් විද්‍යාලයේදී

    අගෝස්තු 13, 2014

    (මනෝහාරි පුංචිවෙඩික්කාර, නෙදර්ලන්තයේ සිට) දේශීය හා ජපන්, නෙදර්ලන්ත, එංගලන්ත හා මාල දිවයින් කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් “Autumn Breeze” නමින් පුණ්‍යාධාර ප්‍රසංගයක් අගෝස්තු 24 ඉරිදා ප.ව. 06.00-09.00 දක්වා කොළඹ බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇති නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ වැඩි අවධානයක් ලබා ගැනීමට හා එම රෝගය මර්දනය සඳහා සහන සැලසීමට ජයන්ත කපුවත්ත මහතා මෙම "Autumn Breeze 2014” නමින් මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත.


    මෙම ප්‍රසංගයෙන් උපයන මුදල් රජයේ විශේෂ ව්‍යාපෘතියක් වන නිදන්ගත වකුගඩු රෝග (CKD) මර්දන ජාතික ව්‍යාපෘතිය සඳහා ආධාර කිරීමට අපේක්ෂා කෙරේ.
     

    මෙම ප්‍රසංගය වර්ණවත් කිරීමට හා ප්‍රේක්ෂකයන් කුල්මත් කිරීම සඳහා දේශීය හා විදේශීය කලාකරුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.

     

    දේශීය හා විදේශීය මැතිඇමතිවරු, තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික පිරිසක්, රාජ්‍ය නියෝජිතයින් හා රාජ්‍ය නොවන ආයතන නිලධාරීන්, ආගමික නායකයින්, අනුග්‍රාහකයින්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් මෙම  ප්‍රසංගයේ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya