අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "The Orchidist"ඕකිඩ් මල් ප්‍රදර්ශනාගාරය කොළඹ දී

    අගෝස්තු 13, 2014

    දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ඕකිඩ් මල් සඳහා "The Orchidist" ඕකිඩ් මල් ප්‍රදර්ශනාගාරය හෙට (14)  පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.04ට, කොළඹ 07 හෝර්ටන් පෙදෙස, නො.93 දරණ ස්ථානයේදී විවෘත වීමට නියමිතය.

    දැනට ලෝකයේ උත්සව අවස්ථාවන් සඳහා වැඩි වශයෙන් භාවිත වන මල ඕකිඩ් ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. විවාහ උත්සව, උපන්දින සාද ඇතුළු සෑම උත්සව අවස්ථාවක් සඳහා මෙන්ම ඕනෑම සැමරුම් අවස්ථාවක් සඳහා අනර්ඝතම ඕකිඩ් මල් මෙම නව ප්‍රදර්ශනාගරයෙන් පාරිභෝගිකයාට ලබා ගැනීමේ හැකියාව පවතී. අලංකාර මෙන්ම විසිතුරු පෙනුමකින් සමන්විත මෙම ඕකිඩ් මල් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුළද ආකර්ෂණීය ඉල්ලුමක් පවතී. එසේම ලාංකේය වෙළෙඳපොළ තුළ ඕකිඩ් මල් සැපයීම ප්‍රමාණවත් මට්ටමින් නොපවතින අතර, එයට විසඳුමක් ලෙසත් සංචාරයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම මඟින් සංචාරක කර්මාන්තයේ දියුණුවටත් මෙම නව ප්‍රදර්ශනාගාරය ඉවහල් වේ.

     

    ලංකාවේදී ඕකිඩ්මල "උඩවැඩියා" නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික හා ජාත්‍යන්තරයේ වැඩි ඉල්ලුමක් පවතින ආකර්ෂණීය ඕකිඩ් මල් හා පැළ මෙන්ම උත්සව අවස්ථාවන්හිදී අවශ්‍ය සැරසිලි සඳහා සේවාවන් ද මෙම නව ප්‍රදර්ශනාගාරය ඔස්සේ පාරිභෝගිකයාට ලබා ගත හැකිය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya