අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව පුරා ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 12, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ලොව පුරා රටවල ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ක්‍රියාත්මක කර ඇත.
     
    මේ ව්‍යාපාරයේ කොටසක් ලෙස එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කොරියාව හා ජපානය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රටවල කුලී රථ 1200ක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආකර්ෂණීය සංචාරක ගමනාන්තයන් පිළිබඳ ව ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඒ අනුව එක්සත් රාජධානියේ විශාලතම නගර වන මැන්චෙස්ටර්, බර්මින්හැම් හා ලන්ඩන් නගරවල කුලී රථ 450ක සන්නාමකරණය ආරම්භ කර ඇත. මෙහි පළමු රථ 300 සන්නාමකරණය මේ වනවිට අවසන් කර තිබේ. 
     
    සංචාරයක් බලාපොරොත්තු වන - ශ්‍රී ලංකාව යන තේමා පාඨය යටතේ කුලී රථවල බඳ දෙපස පසුපස ආසන කවර හා ලදුපත් මගින් මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කෙරේ. මෙම කටයුත්ත එක්සත් රාජධානියේ සති 12ක් පුරා සිදු කෙරේ.
     
    ව්‍යාපාරය හා ව්‍යාපෘති ප්‍රවර්ධනය සඳහා කුලී රථ වෙළෙඳ ප්‍රචාරණය යනු කදිම ක්‍රමයකි.
     
    අභ්‍යන්තර වෙළෙඳ ප්‍රචාරණය මගින් මෙන් ම පදිකයන් හා හවුල්කාර මාර්ග භාජන කරන්නන් ද ඉලක්ක කර සිදු කොට ඇත.
     
    කුලී රථ වෙළෙඳ ප්‍රචාරණය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින්; ශ්‍රී ලංකාව එක්සත් රාජධානියේ ප්‍රධාන නගර තුනෙහි සංචාරක ගමනාන්තයක් වශයෙන් ඇති ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා බලවත් මෙවලමක් ලෙස භාවිතා කොට ඇත. 
     
    එළිමහන් ප්‍රචාරණ ක්‍රමවේදයක් වශයෙන් මෙය විශාල ග්‍රාහක පිරිසක් කරා ළඟා වෙයි. එක්සත් රාජධානි ප්‍රචාරණ ව්‍යාපාරය එහි ප්‍රධානතම නගර තුනෙහි ධනවත් ග්‍රාහක පිරිස වෙත විශාල බලපෑමක් ඇති කිරීමට හේතු වනු ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya