අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ග්‍රන්ථ නාමලේඛණය ප්‍රකාශයට පත්කෙරේ

    ජූලි 07, 2020

    බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ ග්‍රන්ථ නාමලේඛණය මේ වන විට ප්‍රසිද්ධ කර ඇත. ග්‍රන්ථ නාමලේඛණය www.culturaldept.gov.lkයන වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කිරීමේ හැකියාවක් පවතී.

    2019 වසරේදී ප්‍රථම වරට ප්‍රකාශිත රාජ්‍ය ලේඛණාගාරයේ ලියාපදිංචි ග්‍රන්ථ 2020 රාජ්‍ය සම්මාන උත්සවයේ සමීක්ෂණ කටයුතු සදහා මේ වන විට ලබාගෙන ඇත. එම ග්‍රන්ථ ලේඛණය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දී හා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලදී 2020/07/02 දින සිට පරීක්ෂා කිරීමට කටයුතු සලසා ඇත.

    උක්ත ලේඛණයේ සදහන් නොවන 2019 වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත්කළ පොතක් වේ නම් ඒ බව තහවුරු කරන අදාල ලේඛකයාගේ අත්සන සහිත ලිපියක් සමග ග්‍රන්ථ පිටපත් දෙකක් 2020/08/02 දිනට පෙර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනැවිත් භාරදිය හැක.

    තැපෑලෙන් එවන්නේ නම් (ලියාපදිංචි තැපෑලෙන්) අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වෙනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුය. 0112-872030/ 0112-872031 යන දුරකතන අංක හරහා සම්බන්ධවීමෙන් මේ පිළිබදව වැඩිදුර විමසීම් සිදුකළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya