අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා කාර්යාංශ චක‍්‍රලේඛ අඩංගු ග‍්‍රන්ථයක් එළිදක්වයි

    අගෝස්තු 09, 2014
    ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙතෙක් නිකුත් කළ සියලු ම චක‍්‍රලේඛ අඩංගු කොට සැකසූ ග‍්‍රන්ථයක් පසුගියදා කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී (බඳවාගැනීම් හා සුභසාධන) අයි. පතිනායක මහත්මිය අතින් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට වෙත පිළිගැන්වීය. 
     
    මෙම ග‍්‍රන්ථය එළිදක්වන ලද්දේ තලවතුගොඩ ග‍්‍රෑන්ඩ් මොනාර්ක් ශාලාවේදී පැවැති උත්සවයක් අතරතුරදීය. කාර්යාංශය පිළිබඳව හදාරන්නන්ට හා විවිධ නීතිමය කටයුතුවලදී මහත් පිටිවහලක් මෙම ග්‍රන්ථය මගින් සැලසේ.  
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශයේ ලේකම් කර්නල් නිශ්ශංක එන්. විජේරත්න, කාර්යාංශ සභාපති අමල් සේනාලංකාධිකාර, සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ යන මහත්වරු ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya