අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහර මංගල්‍යයේ දියකැපුම් පෙරහර හා දහවල් පෙරහර

    අගෝස්තු 10, 2014

    ඇසළ පෙරහර මංගල්‍යයේ දියකැපුම් පෙරහර හෙට (11) පාන්දර 01.07ට වයඹ දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත් වෙයි.


    දිය කැපුම් පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කරනු ඇත.

    ඉන්පසු ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීම සිදු කෙරේ.

    එදින දවල් 12.54ට දහවල් පෙරහර පැවැත්වේ. උතුරු දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය,

    ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය, (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදිය)

    මංසන්ධියට පැමිණ එදින සවස 03.15ට උතුරු දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි

    පෙරහර කැටුව, ඩී.එස්. සේනායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), පන්සල පාර, ඔස්සේ දේව වීදියෙන්, රජ වීදියට හැරී මාලිගා චතුරස්‍රයේ

    තෙවිටක් ප්‍රදක්ෂිණා කොට සවස 05.12ට උතුරු බලා පෙරහර ගෙවදීම සිදු කරනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya