අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹාන ආදිවාසී කෞතුකාගාරය නව මුහුණුවරකින්

    අගෝස්තු 06, 2014


    ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අනන්‍යතාවය හා අතීතයේ ආදිවාසී ජනයාගේ ජන ජීවිතයේ විකාශනය පිළිබඳ දඹානේ ඉදිකෙරුණු ලැබූ ආදිවාසී කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු යොදා ඇත.


    ආදිවාසී කෞතුකාගාරයේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතුවල පළමු අදියර වශයෙන් වහල පිළිසකර කිරීමේ කටයුතු අවසන් වී ඇත. මීට අමතරව වැදි නායකයාගේ ඉල්ලීමක් අනුව සූර්යකෝෂ පද්ධතියක් හා විදුලිය උත්පාදන යන්ත්‍රයක් ලබාදීමට කටයුතු යොදා තිබේ.

     

    මෙහි දී මෙම කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණයෙන් පසුව වැදි ජනයාගේ ජීවන තත්ත්වය දියුණු කිරීමේ අරමුණින් ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් (දඩයම් කිරීම, ආවේණික නර්තන, ආවේණික ආහාර සැකසීම්) ආදිය නරඹන්නන් හට දැකබලා ගත හැකි වන පරිදි ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට අපේක්ෂිතය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya