මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - දෙවිනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අද සිට

    අගෝස්තු 04, 2014
    මාතර - දෙවිනුවර ඓතිහාසික ශ‍්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (04) සිට ආරම්භ කෙරේ. 
     
    දින හයක් සන්ධ්‍යා භාගයේ දින පතා පේළි පෙරහර පැවැත්වෙන අතර නිකිණි පුර පසළොස්වක පොහොය යෙදෙන 10 වැනි ඉරිදා සවස 6.22 යෙදෙන සුභ මොහොතින් ඉතා උත්කර්ෂවත්ව රන්දෝළි මහා පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.
     
    අලි ඇතුන් විශාල ප‍්‍රමාණයක් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප‍්‍රමාණයක් සහභාගි කිරීමට සැලසුම් කර තිබේ.
     
    දෙවිනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ක‍්‍රිස්තු වර්ෂ 1257 දී ප‍්‍රථම වරට ආරම්භ කර තිබේ.
     
    10 වැනිදා සිට දින හතක් සල්පිල පැවැත්වෙන අතර 16 වැනිදා රාත‍්‍රිය මුළුල්ලේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා, ගිනි පාගා 17 වන දින උදෑසන දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු නිමා කෙරේ.
     
    DB/TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya