අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූ රඟ ගී ජය‍ සම්මාන උළෙල

    අගෝස්තු 02, 2014

    ගම්පහ ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද රූ රඟ ගී ජය‍ සම්මාන උළෙල  ජූලි 3 වෙනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේදී පැවැත්විණ.

     

    2013 /2014 වසරවලදී ගම්පහ ප්‍රදේශයේ සමස්ත ලංකා නර්තන, සංගීත, චිත්‍ර හා නාට්‍ය තරග අංශවලින් ජයග්‍රහණ ලබාගත් සිසුසිසුවියන් හා දායකත්වය සැපයූ විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

     

    බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර, බස්නාහිර පළාත් සභාපති සුනිල් විජේරත්න, පළාත් මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ගම්පහ ප්‍රාදේශීය අධ්‍යක්ෂක එස්.කේ. මල්ලවාරච්චි ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    SDF

    Roo-ranga-gee-jaya-2roo ragaRoo-ranga-gee-jaya-3Roo-ranga-gee-jaya-4Roo-ranga-gee-jaya-6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya