අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "විරුදන ගී සර" හෙට නෙළුම් පොකුණේ දී

    අගෝස්තු 01, 2014
    රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ආරම්භ කරනු ලැබ ඇති ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියේ අරමුදල් තරකිරීම සඳහා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන ‘විරු දන ගී සර’ සංගීත ප්‍රසංගය හෙට (02) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේ දී වේදිකාගත වීමට නියමිතය.
     
    ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් විසින් ගායනා කරනු ලබන ගීතවලින් හා ප්‍රවීණ නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන දර්ශනීය නර්තනයන්ගෙන් ද මෙම ප්‍රසංගය විචිත්‍රවත් වනු ඇත.
     
    ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා අමාත්‍යංශය විසින් විවිධ ව්‍යාපෘති රාශියක් ආරම්භ කරනු ලැබ ඇති අතර ඒ අතරින් 'අපි වෙනුවෙන් අපි' ව්‍යාපෘතිය දශක තුනක කාලයක් පුරා මෙරට පැවැති යුද්ධයෙන් මියගිය, ආබාධිත වූ සහ සෙසු රණ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල නිවාස, ආර්ථික, සමාජයීය මට්ටම් ඉහළ නැංවීම සහ ඔවුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට අතහිත දීමේ අරමුණින් ආරම්භ කර ඇත. ආරක්ෂක ලේකම්තුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට රණ විරු පවුල් විශාල සංඛ්‍යාවක් සඳහා නව නිවාස තනාදී තිබේ.
     
    ආරක්ෂක හමුදා සාමාජිකයින්හට නිවාස තනාදීමේ වැඩපිළිවෙළට අමතරව ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකය විසින් ආරක්ෂක හමුදා සාමාජිකයින්ට පොලී රහිත ණය ලබාදීම, වෛද්‍ය සායන පැවැත්වීම, ආබාධිත රණ විරුවන් සඳහා ත්‍රීරෝද රථ හා රෝද පුටු ලබාදීම, රණ විරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, යුද හමුදා රෝහල වෙත විවිධ පරිත්‍යාගයන් ලබාදීම හා අර්ධ වශයෙන් නිවාස තනාගෙන ඇති එහෙත් ආර්ථික අපහසුතාවන් නිසා ඒවා සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ රණ විරුවන්ගේ එම නිවාස සම්පූර්ණ කරදීම ආදි ක්‍රියාකාරකම් රැසක්ම සිදු කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya