අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත පරපුරේ කලා හැකියාවන් නැංවීමට “අභිමානී”

    ජූලි 31, 2014
    සමාජයේ ඉතා සංවේදී සංසිද්ධීන් සියුම් ලෙස හඳුනාගෙන ප්‍රේක්ෂකයා‍ වෙත ගෙනහැර දැක්වීමට තරම් සංවේදීවුත් තීක්ෂණවුත් ශූර බුද්ධියක් හා හැකියාවක් කලාකරුවා සතු විය යුතු බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පැවසීය.
     
    සුවිශේෂ වු කලා හැකියාවන්ගෙන් පෝෂණය වු බොහොමයක් කලාකරුවන් අතරින් සුදර්ශියේ නාමය ලොව සුපතළ කරන්නට හැකි වු අතළොස්සක් අදත් නිර්මාණවලට දායක වෙමින් සිටින බවත් ඒ අතරම කලාකරුවා සතු වගකීම හඳුනා නොගත් පිරිසක් ද කලාකරුවාගේ නාමයෙන් පෙනී සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
     
    "සමාජයේ යහපැවැත්මට සුවිශාල වගකීමක් කලාකරුවාට පැවරෙනවා. වේදිකාවේ හෝ ටෙලි නාට්‍යයේ දී රඟනු ලබන රංගනයට ප්‍රේක්ෂකයා කොතරම් ඇළුම් කර අත්දැයි ඉන් බාහිර ලෝකයේ දී ඔහු ලබන මහජන ගෞරවයෙන් පෙනීයයි. කලාකරුවාගේ සාර්ථක භාවයත් ඔහු සතු වු  වගකීමත් මැනවින් ඉටු කොට ඇති බව එතුළින් ගම්‍යවේ".
     
    පසුගිය දා මහරගම යොවුන් රඟහලේ පැවැති  “අභිමානී 2013” සම්මාන උළෙලට එක් වෙමින්  අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
     
    අභිමානී වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් 2013 වසරේ දී ආරම්භ කරනු ලැබු බවත් මෙය දීප ව්‍යප්ත වැඩටහනක් ලෙස ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලබන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මේ සඳහා සම්පත් දායකයින් විශාල පිරිසක් හා විශාල මුදලක්  යෙදවීමට සිදුවු බවත් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුනි.
     
    උත්සව අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි , ජාතික තරුණ සේවා සභාවේ සභාපති පියුම් පෙරේරා, තැපැල්පති ඩී.එල්.පී. රෝහණ අබේරත්න මහතා හා ප්‍රවීණ කලාරුවන් රැසක් ද එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya