අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සුමින්ද හරසර”

    ජූලි 31, 2014
    “සුමින්ද හරසර” උපහාර පිදීමේ උත්සවය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී  ඊයේ (30) පැවැත්විණි. 
     
    ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාට උපහාර පිදීමේ අරමුණින් මෙම උපහාර උත්සවය ශ්‍රී ලාංකේය රංගන ශිල්පීන්ගේ සංසදය සංවිධානය කර තිබිණි. 
     
    මෙහිදී එම සංසදය මගින් සුමින්ද සිරිසේන මහතාට උපහාර තිළිණයක් සහ මුදල් ත්‍යාගයක් ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න මහතා අතින් ලබා දුන්නේය.
     
    මෙහිදී ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හා චිත්‍රපට අධ්‍යක්ෂ හා මාධ්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරු විශේෂ දේශන ද පැවැත්වූහ.
     
    මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පීන් හා නවක රංගන ශිල්පීහු රැසක් පැමිණ සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya