අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "විරු දන ගී සර " නෙළුම් පොකුණේදී 6 වන වරටත්

    ජූලි 28, 2014
    රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ආරම්භ කරනු ලැබ ඇති සේවා වනිතා ඒකකයේ ව්‍යාපෘතියන්හි අරමුදල් තරකිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන "විරු දන ගී සර - 6" සංගීත ප්‍රසංගය අගෝස්තු 02 දින සවස 6.30ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී වේදිකාගත වීමට නියමිතය.
     
    ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, "රණ විරු රියල් ස්ටාර්"  ජයග්‍රාහකයන් හා සිවිල් ආරක්ෂක බලකායේ ශිල්පීන් මෙහි ගායනයෙන්, වාදනයෙන් හා නර්තනයෙන් දායක වනු ඇත. ප්‍රවීණ නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන දර්ශනීය නර්තනයන්ගෙන් මෙම ප්‍රසංගය විචිත්‍රවත් වේ.
     
    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් අද (28) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
     
    ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා අමාත්‍යාංශය විසින් විවිධ ව්‍යාපෘති රාශියක් ආරම්භ කර ඇති අතර ඒ අතරින් 'අපි වෙනුවෙන් අපි' ව්‍යාපෘතිය දශක තුනක කාලයක් පුරා මෙරට පැවැති යුද්ධයෙන් මියගිය, ආබාධිත වූ සහ සෙසු රණ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල නිවාස, ආර්ථික, සමාජයීය මට්ටම් ඉහළ නැංවීම සහ ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට අතහිත දීමේ අරමුණින් ආරම්භ කර ඇත. ආරක්ෂක ලේකම්තුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් මේ වන විට රණ විරු පවුල් විශාල සංඛ්‍යාවක් සඳහා නව නිවාස තනාදී තිබේ.
     
    මෙයට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය විසින් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට නිවාස තනාදීම සඳහා රුපියල් ලක්ෂ 750ක් යොදවා ඇති අතර අර්ධ නිවාස සදහා රුපියල් ලක්ෂ 350ක් පොලී රහිත නිවාස ණය සඳහා රුපියල් ලක්ෂ 300ක් ලබාදීම, රණ විරු දු දරු ශිෂ්‍යාධාර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 225ක් ලබාදීම, වෛද්‍ය සායන පැවැත්වීම, ආබාධිත රණ විරුවන් සඳහා ත්‍රීරෝද රථ හා රෝද පුටු ලබාදීම, රණ විරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, යුද හමුදා රෝහල වෙත විවිධ පරිත්‍යාගයන් ලබාදීම හා අර්ධ වශයෙන් නිවාස තනාගෙන ඇති එහෙත් ආර්ථික අපහසුතාවයන් නිසා ඒවා සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ රණ විරුවන්ගේ එම නිවාස සම්පූර්ණ කරදීම අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතියට සමගාමීව අදාළ දිස්ත්‍රික්කයන්හි පාසල් දරුවන්ට පාසල් උපකරණ, පාවහන් හා නිල ඇඳුම් බෙදාදීම ආදි ක්‍රියාකාරකම් රැසක්ම සිදු කරනු ලබයි.
     
    මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය පැවසුවේ, මෙම අරමුදල් සෑම අවස්ථාවකදීම රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය සඳහා පමණක්ම යොදවනු ලබන බවයි.
     
    මේ සඳහා ප්‍රධාන අනුග්‍රහයලබා දෙන්නේ අබාන්ස් සමාගම වන අතර විශේෂ අනුග්‍රහය ඇවන්ගාර්ඩ් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් ද සම අනුග්‍රහය එලිෆන්ට් හවුස් ආයතනය ද ලබා දෙනු ඇත. සාමාන්‍ය අනුග්‍රහය සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන්‍ සේවා සමාගම, ලංකා බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, සියාරා කන්ස්ට්‍රක්ෂන් ආයතනය, සන්පවර් කන්ස්ට්‍රක්ෂන් ආයතනය ලබා දෙන අතර සමාදර අනුග්‍රහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කාගීල්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, මහජන බැංකුව, පෙට්ට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල් ලිමිටඩ් ද අනුග්‍රාහකත්වය රක්නා ලංකා ආරක්ෂක සමාගම, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, හෙට්ටිගොඩ පුද්ගලික සමාගමත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහීනී සේවය, දිනමිණ, සිළුමිණ, ලක්හඬ යන ආයතන ද ලබා දෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya