අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් කැපවීමට අදිටන් කර ගනිමු

    ජූලි 29, 2014
    පුරා මසක් තිස්සේ රාමලාන් උපවාසයෙහි යෙදී අද දින රාමසාන් උත්සවය ඉමහත් උත්සවශ‍්‍රීයෙන් සමරන ශ‍්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන් වෙත ජාතික නිදහස් පෙරමුණ සිය උණුසුම් සුබ පැතුම් පළ කර සිටී.
     
    ඉස්ලාම් බැතිමතුන්ගේ ප‍්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන්හි වැදගත්ම චාරිත‍්‍රය වන්නේ උදෑසන හිරු උදාවන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් තිස්සේ සුරකින උපවාස ශීලය බව දැක ගත හැකිය. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන් අයගේ කුසගින්න පිළිබඳව මෙනෙහි කරමින් පුළුල් ජීවිතාවබෝධයක් ලබා ගනිමින් අසරණ වූවන්ට පිහිට වීමට ඉස්ලාම් බැතිමතුන් පෙළඹෙන බවද පැහැදිලිව දැක ගත හැක.
     
    මේ අනුව පෙනී යන්නේ රාමලාන් උපවාසයෙහි යෙදෙමින් ඉස්ලාම් බැතිමතුන් මෙම මසක කාලයක් තුළ සහෝදරත්වය, සහජීවනය, පරිත්‍යාගය, ඉවසීම වැනි උසස් ජීවන ගුණාංගයන් මැනවින් වර්ධනය කර ගන්නා බවය. 
     
    පසුගිය කාලය තුළ යම් යම් අන්තවාදී ක‍්‍රියාකාරීත්වයන් නිසා මෙරට ජාතික සමගියට හානි කර ඇතැම් ගැටුම් සිදු වූ බවත් ඉන් මුළුමහත් රටම අපහසුතාවට පත් වූ බවත් නොරහසකි. ගෙවී ගිය මාසය තුළ සහෝදරත්වය, ඉවසීම, සහජීවනය ආදී උසස් ජීවන ගුණාංග වර්ධනය කර ගත් මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමසාන් දිනය ඉහත කී සියලු අන්තවාදයන් පරදවා රටක් ලෙස නැඟී සිටීම වෙනුවෙන් කැපවීමට අදිටන් කර ගැනීමට සුදුසුම දිනය බව මාගේ විශ්වාසයයි.
     
     
    එසේම ඊශ‍්‍රායලයේ ම්ලේච්ඡ ප‍්‍රහාර හේතුවෙන් රාමසාන් උත්සවය සැමරීම පමණක් නො ව සිය ජීවිත ද අහිමි වූ දහස් සංඛ්‍යාත පලස්තීන ඉස්ලාමීය බැතිමතුන්ගේ පවුල්වලට අපගේ සාතිශය සංවේගය පළ කර සිටීමටද මෙය අවස්ථාවක් කර ගන්නෙමු.
     
    විමල් වීරවංශ
    ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya