අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ මංගල්‍යය

    ජූලි 28, 2014
    සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 47 වෙනි ඇසළ පෙරහර මංගල්‍යය ජූලි 31 දින කප් සිටුවීමේ උත්සවයෙන් ආරම්භ කෙරේ.


    අගෝස්තු 30 සිට සැප්තැම්බර් 06 දින දක්වා කාලය තුළ ඇසළ මංගල්‍යය පවත්වනු  ඇත. අගෝස්තු 30 දින ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පවත්වා දෙවොලේ දෙවියන් උදෙසා මුරුතැන් පූජාව පවත්වනු ඇත. එදින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පවත්වන අතර අගෝස්තු 31 දින මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීමට කටයුතු යොදා ඇත.  එදින පස්වරු 2.00ට නානු මුර මංගල්‍යය පැවැත්වේ. 

     

    සැප්තැම්බර් 01 දින පස්වරුවේ ප්‍රථම දිවා මහ පෙරහර තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයට ද සැප්තැම්බර් 02 දින පස්වරු 2.00ට දෙවන දිවා මහ පෙරහර ද ගමන් කරනු ඇත. 

     

    සැප්තැම්බර් 03 දින රාත්‍රී 8.00ට ප්‍රථම මහ පෙරහරත් සැප්තැම්බර් 04 දින  රාත්‍රී 10.00ට දෙවන මහ පෙරහරත් සීනිගම පුරවරයේ සංචාරය කරනු ඇත. 


    සැප්තැම්බර් 05 දින රාත්‍රී 10.00ට ආරම්භ වන දෙවොල් මඩු ශාන්ති යාගය පවත්වනු ලබන අතර සැප්තැම්බර් 06 දින සියලුම බැතිමතුන් උදෙසා පිරිනැමෙන කිරි දානයෙන් පසු සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya