මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන දිවියෙන් සමුගනී

    අප්‍රේල් 09, 2019

    ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා  අභාවප‍්‍රාප්ත විය. කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි එච්.එම් ජයවර්ධනයන් මිය යන විට 69 වැනි වියෙහි පසුවිය.

     අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ එච්.එම්.ජයවර්ධන මහතා, ජනප‍්‍රිය ගායක සහ සංගීතවේදී කසුන් කල්හාරගේ පියාණන්ද විය. සිංහල සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කළ එච්.එම් ජයවර්ධනයන් ගීත විශාල ප‍්‍රමාණයක් සිය සංගීතයෙන් හැඩ කළේය.

     

    පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ගැයූ ‘සඳ තරු නිහඬයි’, විශාරද නන්දා මාලිනිය ගැයූ ‘ඔබයි රම්‍ය සඳකිරණ‘, ‘මා හඬනා කඳුළු ගලා‘, ‘පූජාසනයේ ඔබ හි`දුවා’, ‘පෙම් ලොවදී දුටු ඔහුම ද මේ’, ‘ප්‍රේමය නම්‘, ‘කඩමණ්ඩියේ දොල අයිනේ’, ‘නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි’, ‘ විලක් උනත් නිල් දිය පිරි’, ‘ පිළිම නෙලා නැති විරුවන්’, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ඉස්සර මං ගිය පාසල ඇරිලා’, ‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’, ‘සයුරක් නොදුටු ගඟුලක්’, ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’, ‘දෙවොලේ නොකැළැල්’, විශාරද මාලනී බුලත්සිංහල ශිල්පිනිය ගැයූ ‘හිමි සණරාමර ලෝක සිවංකර’, ‘ප්‍රේමයේ විල්තෙරේ’, ‘අහසින් තරුවක් කඩා වැටෙනවා’, ‘පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්’, ‘සැන්දෑ අහස වගේ සැරසී’, ‘මා එක්කලා අමනාපව’, ‘වසන් කරන්නට බෑ මගෙ සිත අද’, ‘මළ පොතේ අකුරු’, ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’, ‘සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ’, ‘කන්ද කෙන්ද කරනු පිණිස’, විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘සීතල පිනි බිංඳු බිංඳු’, විශාරද අමරසිරි පීරිස් ගැයූ ‘ඇය යන්න ගියා මැකිලා’, විශාරද එඞ්වඞ් ජයකොඩි ගැයූ ‘බණ කියන රටක්’ ආදී ගීත රැසක් ඔහු විසින් නිර්මාණය කළේ ය.

     

    ටී.එම් ජයරත්නයන් ගැයූ ‘සියක් ආයු ලැබ’, ‘මේ පුංචි රටේ’, ‘රත්තරන් නෙත් දෙකින්’, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ ‘දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට’, ‘මාල ගිරවියේ’, ‘සඟවන්න එපා හසරැුල්’, විශාරද මාලනී බුලත්සිංහල සම`ග බණ්ඩාර අතාවුද ගැයූ ‘කොහේ යන්නෙද කොහේ ඉන්නෙද’, බණ්ඩාර අතාවුද ගැයූ ‘ඔබ ඈත සද වී පායා’, ජානක වික‍්‍රමසිංහ ගැයූ ‘බාලිකාවියන් තක්සලා දොරින්’, ‘කිරුළ මුතු ලිහී’, ක‍්‍රිෂාන්ත එරන්දක ගයන ‘වී පැදුරෙන් ඉගිලී යන’, රොහාන් ශාන්ත බුලේගොඩ ගයන ‘සඳක් නම් බැස යන්න තිබුණා’ ආදී ගීතයන් ද ඔහුගේ සංගීතයෙන් හැඩවූ ගීත ගොන්න අතර තිබේ.

     එච්.එම් ජයවර්ධනයන්ගේ දේහය බොරැුල්ල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බදාදා පස්වරු 3.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya