දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    පොතුහැර සිට රඹුක්කන දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ ඉදිකරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර

    නොවැම්බර් 11, 2024

    මේ වන විට නතර වී ඇති පොතුහැර සිට රඹුක්කන දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ වන තුන්වන කොටසේ ඉදිකරීම් කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කටයුතු පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව පසුගිය දා (09) අමාත්‍යවරයා නිරීක්ෂණයට ලක් විය.

    මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධීක්ෂණය යටතේ දේශීය කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් යටතේ ඉදිකිරීම් සිදුවෙමින් තිබේ.

    මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය කොන්ත්‍රාත් සමාගම් මඟින් සිදුවන පළවෙනි අධිවේගී මාර්ග කොටස ද මෙය වන බැවින් එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවුවහොත් රටට විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකිවන බවත්, දේශීය ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් සහ දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ග සැදීමට හැකිවීමේ විස්වාසය ඇති වීමද රටක් ලෙස ලබා ගන්නා විශාල ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම, දැනට නතර කර ඇති කඩවත සහ මීරිගම දක්වා වන අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් ද අවසන් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

    ඒ අනුව, කෙටිකාලයක් තුළ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවත්, එමඟින් රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් ව ඉදිරියට ගෙනයාම සඳහා අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වේගවත් කිරීමට ඉලක්ක ගත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya