අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළදා පෙරහැරට කප් සිටුවීම අද

    ජූලි 27, 2014
    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා කප්සිටුවීම අද (27) සිදු කෙරේ.
      
    විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි යන සිවු දේවාලයන්හි කප් සිටුවීමත් සමගම එදින සිට ජුලි මස 31වන දින දක්වා සිව් දේවාලයන්හි දී අභ්‍යන්තර පෙරහර පවත්වනු ලබයි.
     
    අගෝස්තු 01දා ආරම්භ වන පළමු කුඹල් පෙරහර 05දා තෙක් වීදි සංචාරය කරයි. අගෝස්තු 06දා ආරම්භ වන ප්‍රථම රන්දෝලි පෙරහර එතැන් සිට 10දා දක්වා වීදි සංචාරය කරන අතර 10දා දියකැපුම් පෙරහර එදින රාත්‍රී ගැටඹේ තොට දක්වා ගමන් කරයි. 
     
    පසුව 11දා දහවල් පෙරහර වීදි සංචාරය කර එදින ම සවස දියවඩන නිලමේ ජනාධිපතිතුමාට පෙරහර සංදේශය බාරදීමෙන් පසු මෙවර පෙරහර මංගල්‍යය නිමාවීම සිදු වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya