අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත දරුදැරියන්ගේ කලා කුසළතා එලිදැක්වීමක්

    ජනවාරි 02, 2019

    ආබාධිත සහිත තැනැත්තන් සඳහා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සමාජ සේවා අමාත්‍යංශය හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් එක්ව සංවිධානය කරන කළ ආබාධ සහිත තැනැත්තන් සවිබල ගැන්වීම සහ අන්තර්කරණය හා සමානාත්මතාවය තහවුරු කෙරෙන වැඩසටහනක් මාගම් රුහුණුපුර පරිපාලනසංකීර්ණයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදදී පැවැත්විණි.

    මෙහිදී දිස්ත්‍රික්කයේ සිටින ආබාධිත දරුදැරියන්ගේ කලා කුසලතා එලිදැක්වීමක්ද සිදුවිය. 

    2017 වසරේ පැවති පාසල් කඩයිම් මඟින් උසස් ලෙස සමත් වූ ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පත් ලබා දීම ද මෙහි දී සිදුකෙරිණි. ඒ අනුව 2018 පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සහ2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පත් ලබා දීම සිදු කෙරිණි


    මෙම වැඩසටහන තුළින් ආබාධිත තැනැත්තන්ගේ සුවිශේෂී දක්ෂතා සඳහා ඇගයීම් කිරීම සඳහා ත්‍යාග සහතික පත් හා මූල්‍ය ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.දිස්ත්‍රිකයෙන් 1වන ස්ථානය දිනාගත් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඪාශයේ නර්ථන කණ්ඩායමට සහ 2 වන ස්ථානය දිනාගත්සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නර්ථන කණ්ඩායමට විෙශ්ෂ ත්‍යාගයන් ප්‍රධානය කෙරිණි

    මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර , හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඊ.කේ.ඒසුනීතා,දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ එන්.ජී.ජේ.පී රෝහිත නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ජී.අමරසේන,යන මහත්ම මහත්මීන් හා දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සහ ප්‍රා දේශීය සමාජ සේවා නිලධාරීන් , ආබාධිත දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

     දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya