මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු රියල් ස්ටාර් අවසන් තරගය 26දා

    ජූලි 24, 2014

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදා රණ විරුවන්ගේ සැඟවුණ කලා කෞශල්‍යයන් එළිදැක්වීම සඳහා ආරම්භ කරන ලද රණ විරු රියල් ස්ටාර් වැඩසටහනෙහි 4 වන අදියරේ අවසන් මහා
    තරගය 26දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම කටයුතු යොදා ඇත.

     

    එදින මෙම වැඩසටහන ජාතික රුපවාහිනී නාලිකාව ඔස්සේ පස්වරු 6.30 සිට සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා පූර්ණ අනුග්‍රහය ඩයලොග් ආසියාටා සමාගම විසින් ලබාදෙනු ඇත.

     

    රණ විරු රියල් ස්ටාර් 4 අදියර වැඩසටහනේ අවසන් තරග වටය සඳහා ශ්‍රී ලංකාවේ යුද හමුදාව නියෝජනය කරමින් මේජර් තිළිණ චන්ද්‍රකුමාර, කපිතන් රහල් ප්‍රනාන්දු, කපිතන් අරුණි ද සිල්වා, ලා/කෝ සම්පත් සුරංග, ලා/කෝ සෞම්‍ය ලේපොත්දෙනිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය සහායක සුමේන්ද්‍ර රිෂී සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන්භට දේශාන් දයාරත්න යන රණ විරුවන් තරග වදිනු ඇති අතර සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ කණ්ඩායමකින් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් විසින් සමස්ත ලකුණුවලින් 60%ක් ද ඉතිරිය ප්‍රේක්ෂක ජනතාවගේ මනාපවලින් ද හිමිවනු ඇත.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya