මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

    නොවැම්බර් 24, 2018

    මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් වැඩසටහන් රැසක් පැවැත්වීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සංස්කෘතික බල මණ්ඩලය මගින් කටයුතු යොදා තිබේ.


    ඒ අනුව එහි ප්‍රධාන උත්සවය සිදු කෙරෙන්නේ 2018.11.29 වැනි දිනයේදීය. එය ''විකසිත සියපත'' යනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතය.

    දිස්ත්‍රික් සාහිත්‍ය තරග වලින් ජයගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමේ කටයුතුද මෙහිදී සිදු කිරීමට නියමිත අතර, සංස්කෘතික අංග රැසකින්ද උත්සවය වර්ණවත් වනු ඇත. මෙම ප්‍රධාන සංස්කෘතික උත්සවයට සමගාමීව 2018.11.28 වැනි දින දෙනුවර අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන්ගේ ගද්‍ය, පද්‍ය සහ පිටපත් රචන හැකියාව වර්ධනය කිරීමේ අරමුණීන් සිසු සිසුවියන් 300 ක් සහ ගුරුවර ගුරුවරියන් 50 ක් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා සෞන්ර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ප්‍රවීන නාට්‍ය ශිල්පී ප්‍රසන්ජිත් අබේසූරිය මහතා සහභාගී වීමට නියමිතය.

    මීට අමතරව 2018.11.26 වැනි දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ රසවින්දන හැකියාව වර්ධනය කිරීමේ අරමුණීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සුභාවිත ගී රස වින්දන වැඩසටහනක් සංවිධානය කොට තිබේ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya