අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට නාට්‍යකරුවන්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ සෑම මසකට වරක් ප්‍රදර්ශනයට ටවර් රඟහල නොමිලේ

    නොවැම්බර් 20, 2018

    ටවර් හෝල් රඟහල පදනම දියුණු නාට්‍ය සංස්කෘතියක් බිහිකර, ජනතාවගේ සෞන්දර්යාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් හා දේශීය නාට්‍ය කලාවේ දියුණු ප්‍රේක්ෂකාගාරයන් බිහිකිරීම සඳහා මෙරට නාට්‍යවේදීන්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ටවර් රඟහල මසකට වරක් නාට්‍ය සංවිධායකයින්ට නොමිලේ ලබාදීමට ටවර් හෝල් රඟහල පදනම තීරණය කර තිබේ.


    මෙරට දෙලක්ෂකට අධික පාසල් සිසුන් සංඛ්‍යාවක් නාට්‍ය හා රංගකලා විෂය හදාරනු ලබන අතර, පාසල් විෂය ධාරාවේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නාට්‍ය හා රංගකලා විෂය ශාස්ත්‍රීය හා ප්‍රායෝගිකව උගන්වනු ලැබේ. දේශීය වශයෙන් ජාතික ළමා නාට්‍ය උළෙලේ සිට ජාතික නාට්‍ය උළෙලවල් දක්වා ව්‍යාප්ත වූ නාට්‍ය හා රංගකලාව තවදුරටත් ශ්‍රී ලාංකීය ජනතාව තුල ශාස්ත්‍රීය මෙන්ම සෞන්දර්යාත්මක වින්දනීය මාධ්‍යයක් ලෙස, නාට්‍ය නැරඹීමට හැකි දියුණු ප්‍රේක්ෂකාගාරයක් මෙන් ම දියුණු නාට්‍යකරුවන් පිරිසක් ද බිහිකිරීමේ වගකීම ටවර් හෝල් රඟහල පදනම වෙත පැවරී තිබෙන බැවින්, ටවර් හෝල් රගහල පදනම මෙරට නාට්‍ය කරුවන් වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.


    1978 අංක 1 දරණ ටවර් හෝල් රඟහල පනතින් ලබාදී තිබෙන වගකීම් අනුව, දියුණු නාට්‍ය සංස්කෘතියක් හා ගුණාත්මක නාට්‍ය පරිසරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව, අංකුර හා තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීම සඳහා රංගශාලා පහසුකම් ලබාදෙමින්, මසකට වරක් ගුණාත්මක නාට්‍ය නිර්මාණයන් රු. 200/- සහනදායී ප්‍රවේශ පත්‍රයකට ප්‍රේක්ෂකයින්ට නැරඹීමට ඉඩකඩ ලබාදෙමින්, ටවර් හෝල් රඟහල පදනමේ විශේෂ කමිටුවක් මගින් නිර්මාණකරුවන්ගේ නාට්‍ය නිර්මාණ තෝරාගෙන 2019 ජනවාරි මස අවසන් සතියේ සිකුරාදා සිට සෑම මසකම අවසන් සතියේ සිකුරාදා දින ටවර් රඟහල නිර්මාණකරුවන්ට නොමිලේ ලබාදීමට භාරකාර මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව, තීරණය කර ඇතැයි ටවර් හෝල් රඟහල පදනම පවසයි.


    මේ පිළිබඳව උනන්දුවක් දක්වන නාට්‍යකරුවන්ට තම නිර්මාණ විස්තර ඇතුළත් කරමින් සකස් කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ඉල්ලුම් පත්‍ර අධ්‍යක්ෂ ජනරාල්, ටවර් හොල් රඟහල පදනම, අංක 123, සව්සිරිපාය, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයට එවන මෙන් ටවර් හෝල් රගහල පදනම දන්වා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya