අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රාජ්‍ය ඡයාරූප උළෙල 2018 – අගොස්තු19,20,21 නෙළුම් පොකුණේ දී

    අගෝස්තු 14, 2018

    ලෝක ඡයාරූප දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඡායාරූප උළෙල අගෝස්තු 19 වන දින පස්වරු 3.00 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසිය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි .

    ඊට සමගාමීව ව 2018 අගොස්තු 20 සහ 21 දන දෙදින තුළ ජයග්‍රාගි ඡයාරූප ඇතුලු ඡයාරූප 3537 ප්‍රදර්ශනය කිරිමට නියමිතය.

    මෙවර තේමාව වන්නේ මිනිස් ක්‍රියාකාරකම්හි පාරිසරික බලපෑම් යන්නයි.මීට අමතරව තරඟ අංශ 5කින් මෙය සමන්විත බව සංවිධානයක මණ්ඩලය පවසයි.මෙහිදි ජයග්‍රාහකයින් සඳහා ප්‍රධාන සම්මාන 15ක් පිරිනමනු ලබන අතර,කුසළතා සහතික 50ක්ප්‍ රදානය කෙරේ.ප්‍රශස්ත ඡයාරූප වෙනුවෙන් ඡයාරූප ක්ෂෙත්‍රයේ ප්‍රවිණයකු සදහා ඡයාරූපාභීමානි සම්මානයද පිරිනැමිමට නියමිතය.

    තවදුරටත් අඳහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, ඡායාරූප කේෂ්ත්‍රයට දිර්ඝ කාලයක් පැවතියද එයට අදාළ ගරුත්වය හා ආරක්ෂාව ලැබි නොතිබුණ බවය.වත්මන් රජය මේ වන විට ඡයාරූප ශිල්පියා ඇගයිමකට ලක් කිරිමෙන් ඔහුට ධෛර්යය හා ඉදිරියට යැමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව ද කීය.

    එමෙන් ම මේ අවස්ථාව ට එක වු රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රෙරෑ මහතා කියා සිටියේ, සිදුරු කැමරාවෙන් ආරම්භ වු ඡයාරූපය අද වන විට විවිධ අංශ ඔස්සේ ව්‍යාප්ත වි ඇති බවයි.තාක්ෂණය එක්විමත් සමඟ ස්මාර්ට් ෆෝන්හරහා සෑම කෙනෙකුටම ඡයාරූප ශිල්පියෙක් වීමේ භාග්‍ය ලැබි ඇති බවත්,විදේශ රටවල ඉතා කුඩා ළමුන් පවා ස්මාර්ට් ෆෝන් මගින් කුඩා චිත්‍රපට පට පවා නිපදවිමට සමත් වි ඇති බවත්ය.එසේ සිදු වුවද අපේ රටේ ඡයාරූපකරණයට රාජ්‍ය මැදිගත් විම ලැබෙන්නේ 2016 දි.ඒ නිසා ඡයාරූප ශිල්පය වෘත්තිය මට්ටමින් ඉහළට ගෙන යාමට ඡයාරූපවේදය ප්‍රමිතිගත ආයතයක් පිහිටුටිමට උපදේශක මණ්ඩලය කටයුතු කරගෙන යන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශක කළේ ය.

    මේ අවස්ථාවට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා,අධ්‍යක්ෂ අනුෂා ගෝකුල,ඡයාරූප උපදේශක මණඩලයේ සභාපති බර්ටි ගුණසේකර යන මහත්ම මහත්මීහූ ඇතුලු සාමාජිකයින් පිරිසක් ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya