අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය 16දා සිට

    අගෝස්තු 10, 2018
    මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය එළැඹෙන 16දා සිට 26දා දක්වා පැවැත්වීමට නියමිත යැයි මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.
     
    දියවඩන නිළමේවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) කොළඹ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව 12දා සතර දේවාලයන් හි සිදුකරන කප් සිටුවීමෙන් චාරිත්‍රානුකූලව 2018 ඇසල පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරෙන බවත් ඉන් අනතුරුව එදින සිට සතර දේවාල පෙරහැර පැවැත්වෙන අතර 16දා සිට 20දා දක්වා කුඹල් පෙරහැර ද, 21දා සිට 25දා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වේ. 
     
    25දා අවසන් රන්දෝලි පෙරහැර විථී සංචාරය කෙරෙන අතර 26දා ගැටඹේ තොටේ දි සිදුකරන දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව එදින පස්වරුවේ දියවඩන නිළමේවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පෙරහැර සංදේශය භාරදීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.
     
    මහනුවර වාණිජ නගරයක් වන අතර ම ඇසල පෙරහැර මංගල්‍යය නිසා ද දෛනිකව මහනුවරට අති විශාල ජනතාවක් පැමිණෙන බැවින් පෙරහර දිනවල දී පෙරහැර නැරඹීමට බැතිමතුන් ද විහාල පිරිසක් පිරිසක් පැමිණෙන බවත් එහිදී පරිසරය මෙන් ම කසල බැහැර කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ශ්‍රී ලංකාවාසි බෞද්ධ බැතිමතුන්ගේ ඉල්ලා සිටී.
     
    මෙවර පෙරහැර මංගල්‍යය සඳහා කලාකරුවන් 1500කට අධික පිරිසක් ද අලි ඇතුන් 80කට අධික පිරිසක් ද සහභාගිවීමට නියමිත බවත් පෙන්වාදෙන දියවඩන නිළමේවරයා සුපුරුදු පරිදි නැදුන්ගමුවේ රාජා, දළඳා මාලිගාවේ ඉන්දි රාජා හා කතරගම වාසනා යන හස්තිරාජයන් විසින් සධාතුක කරඬුව වැඩම කරවිමට නියමිත බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya