අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය 2018 අදයි

    අගෝස්තු 09, 2018

    ශ්‍රී ලාංකේය මානව වංශාවලියේ සුවිශේෂ ජන කොට්ඨාශයක් වන වැදි ජනතාව හා ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතිය සිහිකරමින්, ''සංක්‍රමණ හා සංචලනය '' යන තේමාව අනුව 2018 ලෝක ආදිවාසී දින සැමරුම උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු විජයදාස රාජපක්‍ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 අගෝස්තු මස 09 වන අද දින දඹාන ආදිවාසී ගම්මානයේදී පැවැත්වීමට නියමිතය.


    දඹාන, රතුගල, නිල්ගල, පොල්ලබැද්ද, හේනානිගල සහ වාකරේ යන වැදි ගම්මාන 06ක ආදිවාසී ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී ආදිවාසී සංස්කෘතික සංදර්ශන රැසක් ඉදිරිපත් කරන අතර වරිග සභාව පැවිත්වීමද සම්ප්‍රදායිකව සිදු කෙරේ.

    මෙහිදි සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් විවෘත කිරිම සහ පවුල් 350 ක් සඳහා පෝෂණ ආධාර ලබාදිමට ද නියමිතය. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya