අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික සහජීවනය වර්ධනය කිරීමට රාමසාන් සමය හොඳ අවස්ථාවක්

    ජූලි 19, 2014

    ආගමික සහජීවනය වර්ධනය කර ගැනීම සඳහා හොඳ අවස්ථාවක් රාමසාන් සමයේ අන්‍යාගමික අප වෙත ලැබී තිබෙන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ සර්ව ආගමික පූජකතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් ඇලබඩගම අල් අමීන් මුස්ලිම් විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ පැවැත්වූ රාමසාන් සැමරුම් උළෙල අමතමිනි.


    ප‍්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ නියෝජනයක් සහිතව රාමසාන් සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමට හැකිවීම වර්තමානයේ දී ඉතා වැදගත් මෙන්ම ඉතා සංවේදී කාරණයක් බව ඒ මහතා මේ අවස්ථාවේදී පැවසීය.


    ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත්වන අප ආගමික හා ජාතීන් වශයෙන් කිසිදු බේදයකින් තොරව සිටිනවා. එය රටටම පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් කරගෙන තිබේ. මේ සහජීවනය රටපුරා වෙසෙන සෑමදෙනා තුළ ම ඇති කිරීමට හැකි වේ නම් කිසිදු ගැටුමකින් තොරව ජීවත්වීමේ පරිසරයක් නිර්මාණය කරගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එකට ජීවත්වීම, අන්‍යයන් ඇගයීම සෑමදෙනාගේම ජීවිතයේ කොටසක් කර ගත යුතුයි. සෑම ආගමක්ම යහපත් දේශනාවක් සහ ගැඹුරු සමාජ මගපෙන්වීමක් සහිත ධර්මයක් දේශනා කර ඇති බවත් ලොව වෙසෙන සෑම කෙනෙකුම මේ කුමන හෝ දර්ශනයක අනුගාමිකයන් බවත් පෙන්වා දුන් අමාත්‍යතුමා කළ යුතු දේට වඩා නොකළ යුතු දේ පිළිබඳව සමාජය උනන්දු කරවීමට ආගම කිසිවිටකත් අනුබල නොදෙන බව තවදුරටත් පැවසීය. මේ නිසා ආගම කිසිදු ගැටුමකට මූලික කර ගත යුතු නොවේ. නමුත් පුද්ගලිකත්වය මේ තුළ ක‍්‍රියාත්මක වන බව පෙන්වා දුන් අමාත්‍යතුමා යම් ආගමක් පිළිබඳව තමා දකින ආකාරය වෙනස් වුව ද සෑම ආගමක්ම යහපත් කරුණු දේශනා කර තිබෙන බවත් එය අනුගමනය කිරීමට කටයුතු කිරීම මනුෂ්‍ය වර්ගයාගේ උදාර ක්‍රියාවක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    NDH

    DSC 0425

     

    DSC 0451

     

    DSC 0475

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya