අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුර දොරකුඹුරගේ "යුද බිමේ යුගයක්" දොරට වැඩීම අද

    ජූලි 21, 2014

    "යුද බිමේ යුගයක්" මැයෙන් මාධ්‍යවේදී අනුර දොරකුඹුර විසින් රචිත මානුෂීය මෙහෙයුමේ මාධ්‍යවේදියෙකුගේ ජීවන අත්දැකීම් සංග්‍රහය එළිදැක්වීම අද (21) සවස 3.00ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරේ.

    මානුෂීය මෙහෙයුමේදී එදා නොකී බොහෝ කතා අතුරින් බිඳක් රටට හා ලෝකයට එළිදැක්වීමේ අරමුණින් මේ කෘතිය සම්පාදනය කර ඇත.

     

    ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියෙකු වන අනුර, මානුෂීය මෙහෙයුමේදී යුද බිමේ සිට දෛනිකව පුවත් වාර්තා කිරීමේ ක්‍රමවේදය ස්වාධීන රූපවාහිනී සේවයේ ආරම්භ කළ මාධ්‍යවේදයා වේ. මේ ජාතික වගකීම ඉටුකරමින් සිටියදී දොරකුඹුර මහතා ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලබා දිවි බේරා ගත් අවස්ථා බොහොමයකි.

     

    භාරදූර කාර්යයක නිරතව හැකි උපරිමයෙන් තම සේවය රට වෙනුවෙන් ලබා දුන් මේ මාධ්‍යවේදියා අවස්ථාවන් ගණනාවක මාධ්‍ය ආයතනයේ මෙන්ම සමස්ත සමාජයේ ම ඇගයීමට ලක් ව ගෞරව සම්මාන හා සහතිකපත් ලබා ගත් අවස්ථා රැසකි.

    තම මාධ්‍ය ආයතනයේ දී සේවා ඇගයීමට ලක් වූ අතර ජාතික සමඟි සංගමය මඟින් මාධ්‍යශූරී කලාභූෂණ ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය. තුන් හෙළ ව්‍යාපාරය මඟින් විශ්වකීර්ති මාධ්‍යශූරී වීරප්‍රසාද ගෞරව උපහාර සම්මානයත් හිමි කර ගැනීමට අනුර දොරකුඹුර මහතා සමත් විය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya