අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර මහා නගර සභාවට මිලියන 1000ක සහන ණයක්

    ජූනි 11, 2018
    මහනුවර නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගර සභාව මගින් කටුකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මහල් නවයකින් යුත් රථගාල සහිත වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය හා සංවර්ධන අරමුදලින්  රුපියල් මිලියන 1000ක සහන ණය මුදලක් ලබා දීමට නියමිතය.
     
    ඊට අදාල ගිවිසුම අත්සන් කිරීම පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණී විජේවික්‍රම මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා  පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
     
    දේශීය ණය හා සංවර්ධන අරමුදලේ සභාපති අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහනුවර නගරාධිපති කේසර .ඩී. සේනානායක යන මහත්වරු මෙම ගිවිසුම අත්සන් කළහ. 
     
    150,000 පමණ නාගරික ජනගහනයක්  හා දිනකට ලක්ෂ 06ක් පමණ දෙස් විදෙස් සංචාරකයින්  පැමිණෙන මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා  මහනුවර කටුකැලේ ප්‍රදේශයේ  මෙම රථගාල සහිත වෙළඳ සංකීර්ණය ඉදි කෙරේ.
     
    වසර 100ක් පැරණි මූල්‍ය ආයතනයක් වන දේශීය ණය හා සංවර්ධන අරමුදලින්  ලබා දෙන විශාලතම ණය මුදල වන මෙම ණය මුදල වසර 05ක සහන ණය වාරික මගින් ගෙවීමට නියමිත අතර මෙම වෙළඳ සංකීර්ණයයේ වැඩ කටයුතු වසර දෙකකින් නිම කිරීමට නියමිතය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya