අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් උපවාසයෙන් මිදීමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී

    ජූලි 16, 2014
    ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසයෙන් මිදිමේ (ඉෆ්තාර්)  අවස්ථාව සනිටුහන් කරමින් උපවාසය අත්හැරීම සඳහා වන විශේෂ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ප.ව. 6.00ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.  

    මධ්‍යම පළාත්  ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා පාකිස්තානු තානාපති කාර්යාලයේ ලේකම්වරයා, මහනුවර ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා ඇතුළු විද්වතුන් 50කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතය. 

     

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ හත්වෙනි වරටයි. ඉකුත් ජුනි 28 වැනි දින ආරම්භ කළ රාමසාන් උපවාසය ජූලි  29 වෙනි දින අවසන් කිරීමට නියමිතය. 

     

    NSH/TA-dmu kandy

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya