මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්ව සම්භාව්‍ය මාසික සිනමා දැක්ම The Bridges of Madison Country රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී

    අප්‍රේල් 25, 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරන විශ්ව සම්භාවනාවට පත් සිනමා කෘතීන් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන යටතේ ඉදිරිපත් කෙරෙන සිව්වන සිනමා දර්ශනය “The Bridges of Madison County” මෙම මස 27 වන සිකුරාදා දින ප.ව.1.00 ට කොළඹ 05 පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ප්‍රදර්ශනය කෙරේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ හා සිනමා විෂය පිළිබඳව උනන්දුවක් දක්වන තරුණ පරපුරේ  සහ ජනමාධ්‍යවේදීන්ගේ රසවින්දනය සහ සාහිත්‍ය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    ඇමරිකානු රොමැන්ටික් නාට්‍ය ගණයේ චිත්‍රපටයක් ලෙස ප්‍රකට මේ චිත්‍රපටයට ඇකඩමි ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගෙන ඇත. ලොව  ජනප්‍රිය නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ Robet Jemes Waller ගේ  “The Bridges of Madison Country” නවකතාව ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කර ඇත.

    එදින ප්‍රවීන සිනමා විචාරක හා Alchemist සඟරාවේ ප්‍රධාන කර්තෘ සේපාල් අමරසිංහ මහතා විසින් මෙම සිනමා කෘතිය පිළිබඳව විචාරයක් පැවැත්වීමට ද නියමිතය.

    සිනමා විෂය පිළිබදව උනන්දුවක් දක්වන සැමට මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරාධනා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya