අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වෙයි

    අප්‍රේල් 17, 2018

    ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ දී ඊයේ (16) පෙරවරුවේ පැවැත්විනි.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම උත්සවය සංවිධානය කර තිබුනි. අත්තනගල්ල රජමහා විහාරාධිපති පුජ්‍ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හිසතෙල්ගෑම සිදු කෙරිනි.


    සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ හිසතෙල් ගල්වන ලද අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
    මෙම අවස්ථාවට ඒ.එච්.එම් ෆවුසි, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච් තිලකරත්න මහතා, ආයුර්වේද කොමසාරිස් සුභාෂිනී කුලතුංග මුදලි මහත්මිය. ගම්පහ දිස්ත්‍රීක් ලේකම් තුමා ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya