අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ වැව් තාවුළු වතුර සොයා එන අලි රංචුවලින් පිරේ

    ජූලි 15, 2014

    වතුර සොයා ගෙන මින්නේරිය, කඩුවුල්ල හා මාදුරු ඔය ජලාශ වෙත පැමිණෙන අලි රංචුවලින් වැව් තාවුල්ල පිරී ඇති බවත් මේ නිසා විදේශීය සංචාරකයන්ගෙන් ඒ ප්‍රදේශය පිරී ගොස් ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    වතුර නැති නිසා අලි බලන්න ලේසියි. අද (15) පස්වරුවේත් අලි 40ක් පමණ මින්නේරිය ජලාශය වෙත පැමිණ සිටි බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතැම් අවස්ථාවලදී අලි 100ත් 110ත් අතර ප්‍රමාණයක් පැමිණ සිටින අවස්ථා දැක තිබෙන බව සඳහන් කළේය.

     

    මේ දිනවල පැමිණෙන විදෙස් සංචාරකයන් නිසා දිනකට රුපියල් ලක්ෂ 20ක පමණ ආදායමක් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන බවත් දේශීය සංචාරකයන් වැඩිපුර පැමි‍ණෙන්නේ සතිඅන්ත දිනවල බවත් ඔහු පැවසීය.

     

    දහවල් කාලයේ පවතින දැඩි රස්නය නිසා සන්ධ්‍යා කාලයේදී අලි රංචු පැමිණෙන බව පැවසූ අබේසිරි මහතා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා ජීප් රථ සේවයක් හා මඟපෙන්වන්නන් සහය ලබා දෙන බව ද සඳහන් කළේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya