අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන්ගේ 51 වෙනි ගුණ සමරු උළෙල

    ජූලි 15, 2014

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය) ආදී කර්තෘවරයාණන් මෙන්ම ප්‍රථම උප කුලපතීන් වහන්සේ වූ අතිපූජ්‍ය වැලිවිටයේ ශ්‍රී සෝරත ස්වාමීන් වහන්සේගේ 51 වෙනි ගුණානුස්මරණ උත්සවය ලබන ජූලි 17 වෙනි දින පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්.ඒ.ඒ. පෙරේරා ශාලාවේදී පැවැත්වේ.

    මෙහි ගුණානුස්මරණ දේශනය සිදුකරනු ලබන්නේ පුරාවිද්‍යා චක්‍රවර්ති අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

     

    එදින පෙරවරු 9.00 ආගමික වතාවත්වලින් පසුව ශ්‍රී සෝරත නාහිමි ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වමින් ආරම්භ කරන මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ආචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.  

     

    මේ අවස්ථාවට පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya