අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "විරුදන ගී සර - 6" නෙළුම් පොකුණේදී

    ජූලි 15, 2014
    රණ විරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ආරම්භ කරඇති "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතියේ අරමුදල් තරකිරීම සඳහා අමත්‍යාංශයීය සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන "විරු දන ගී සර - 6" සංගීත ප්‍රසංගය අගෝස්තු මස 02 දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී වේදිකාගත වීමට නියමිතය.

    ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් විසින් ගායනා කරනු ලබන ගීතවලින් හා ප්‍රවීණ නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන දර්ශනීය නර්තනයන්ගෙන් මෙම ප්‍රසංගය විචිත්‍රවත් වේ.

     

    මෙම සංගීත ප්‍රසංගයේ පළමු ටිකට්පත ඊයේ (14) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය වෙත අලෙවි කරනු ලැබීය.

     

    ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා අමාත්‍යාංශය විසින් විවිධ ව්‍යාපෘති රාශියක් ආරම්භ කර තිබේ. ඒ අතරින් අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය දශක තුනක කාලයක් පුරා මෙරට පැවති යුද්ධයෙන් මියගිය, ආබාධිත වූ සහ සෙසු රණ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල නිවාස, ආර්ථික, සමාජයීය මට්ටම් ඉහළ නැංවීම සහ ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට අතහිත දීමේ අරමුණින් ආරම්භ කර ඇත. ආරක්ෂක ලේකම්තුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් මේ වන විට රණ විරු පවුල් විශාල සංඛ්‍යාවක් සඳහා නව නිවාස තනාදී තිබේ.

     

    මෙම සෑම නව නිවසක්ම නවීන පහසුකම්වලින් සමන්විත වන අතර ඒ සඳහා රුපියල් මිලියන තුනහමාරක පමණ මුදලක් වැය කරනු ලබයි. අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් මෙම සෑම නිවසක්ම ඉදිකරනු ලබන මුල් අවස්ථාවේ සිට අවසානය දක්වාම අධීක්ෂණය කරනු ලබයි.

     

    ආරක්ෂක හමුදා සාමාජිකයන්හට නිවාස තනාදීමේ වැඩපිළිවෙළට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය විසින් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට පොලී රහිත ණය ලබාදීම, වෛද්‍ය සායන පැවැත්වීම, ආබාධිත රණ විරුවන් සදහා ත්‍රීරෝද රථ හා රෝදපුටු ලබාදීම, රණ විරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, යුද හමුදා රෝහල වෙත විවිධ පරිත්‍යාගයන් ලබාදීම හා අර්ධ වශයෙන් නිවාස තනාගෙන ඇති එහෙත් ආර්ථික අපහසුතාවන් නිසා ඒවා සම්පූර්ණ කර ගැනීමට නොහැකිවූ රණ විරුවන්ගේ එම නිවාස සම්පූර්ණ කරදීම ආදි ක්‍රියාකාරකම් රැසක්ම සිදු කරනු ලබයි.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya