අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ඓතිහාසික ශ‍්‍රී දළදා පෙරහර

    ජූලි 15, 2014
    අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අවසන් මහා පෙරහර අති උත්කර්ෂවත් ලෙස පසුගිය ඇසළ පොහෝ දින විදී සංචාරය කෙරිණි. 

    පෙරහැර වීථි සංචාරය කිරීමට පෙර මංගල හස්‌තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම විශේෂ ව්‍යාපෘති  අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ සුරතින් සිදු කෙරිණි.

    අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ ස්‌වර්ණමාලි චෛත්‍යරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පල්ලේගම හේමරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත උතුරුමැද පළාතේ ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතාගේ මූලිකත්වයෙන් මෙම පෙරහැර සංවිධානය කොට තිබිණි.

    අනුරාධපුර පූජා නගරය හා නව නගරය ආශ්‍රිතව වීථි සංචාරය කළ මෙම පෙරහරට අලුත් නුවර රාජා හස්‌තියා ඇතුළු අලි ඇතුන් දොළොස්‌දෙනකු සහ නර්තන අංග සියයකට වැඩි සංඛ්‍යාවක්‌ ඇතුළත් විය.

    පෙරහර අවසානයේ දිය කැපීම පසුගිය ඉරිදා අලුයම ප්‍රධාන අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මල්වතු ඔයේදී සිදුකෙරිණි.

    මේ අවස්ථාවට උතුරුමැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්ලිව්.බී. ඒකනායක, වීරකුමාර දිසානායක, උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල සහ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya