අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහියංගනය ඓතිහාසික රජ මහ විහාරයේ ආගමික කටයුතුවලට අග්‍රාමාත්‍යතුමා සහභාගී වේ

    ජූලි 14, 2014

    ඇසළ පොහොය දින නිමිත්තෙන් මහියංගනය ඓතිහාසික රජ මහා විහාරයේ ආගමික කටයුතුවල නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා, අස්ගිරි සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික මහියංගන රජමහා විහාරාධිකාරී පූජ්‍යපාද උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.


    එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා උන්වහන්සේ වෙත අටපිරිකර ද පූජා කළේය.මහියංගන චෛත්‍ය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව එතුමා ඓතිහාසික ශ්‍රී සමන් දේවාලයේ විශේෂ පූජාවකට ද සහභාගී විය.මෙම  අවස්ථාවට අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා ද සහභාගී විය.

    ECB

    pm22

    pm33

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya