ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියෙකු වන අනුර; මානුෂීය මෙහෙයුමේදී යුද බිමේ සිට දෛනිකව පුවත් වාර්තා කිරීමේ ක්‍රමවේදය ස්වාධීන රූපවාහිනී සේවයේ ආරම්භ කළ මාධ්‍යවේදයා වේ. මේ ජාතික වගකීම ඉටුකරමින් සිටියදී දොරකුඹුර මහතා ත්‍රස්ත ප්රහාරයන්ට ලක්ව තුවාල ලබා දිවි බේරා ගත් අවස්ථා බොහොමයකි.
භාරදූර කාර්යයක නිරතව හැකි උපරිමයෙන් තම සේවය රට වෙනුවෙන් ලබා දුන් මේ මාධ්‍යවේදියා අවස්ථාවන් ගණනාවක මාධ්‍ය ආයතනයේ මෙන්ම සමස්ත සමාජයේ ම ඇගයීමට ලක් ව ගෞරව සම්මාන හා සහතිකපත් ලබා ගත් අවස්ථා රැසකි.
තම මාධ්‍ය ආයතනයේ දී සේවා ඇගයීමට ලක් වූ අතර ජාතික සමඟි සංගමය මඟින් මාධ්‍යශූරී කලාභූෂණ ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය. තුන් හෙළ ව්‍යාපාරය මඟින් විශ්වකීර්ති මාධ්‍යශූරී වීරප්රසාද ගෞරව උපහාර සම්මානයත් හිමි කර ගැනීමට අනුර දොරකුඹුර මහතා සමත් විය.
NDH