අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්බුද්ධාලෝක විහාරස්ථානයේ පිණ්ඩපාත චාරිකාව

    ජූලි 11, 2014
    කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පිණ්ඩපාත චාරිකාව අද (11) දින උදය වරුවේ දී එම විහාරස්ථානයෙන් ආරම්භ විය. 7 වන වරටත් පවත්වනු ලබන මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා මෙවර 100 නමකට අධික භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගීවී සිටියහ.
     
    මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා සහභාගීවූ භික්ෂූන් වහන්සේලා ආරක්ෂක අමාත්‍යංශය ඉදිරියෙන් ගමන් ගන්නා අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරන නිලධාරීන් හා සාමාජිකයින් විසින් පිළියෙළ කරගන්නා ලද දාන වස්තූන් වන පොත්පත් ඇතුළු පිරිකර ද්‍රව්‍ය උන්වහන්සේලා වෙත පිළිගන්වනු ලැබූහ.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක, අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) ජේ.ඒ. රංජිත්, සහකාර ලේකම්වරුන් ඇතුළුව ආරක්ෂක අමාත්‍යංශයේ සේවයේ නියුතු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    20140711 06p5
     
     
    20140711 06p8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya