අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරි ව්‍යාපෘති ආශි‍්‍රතව සංචාරක කලාප ආරම්භ වෙයි

    ඔක්තෝබර් 29, 2017

    සෑම වාරි ව්‍යාපෘතියක් ආශ‍්‍රිතවම සංචාරක කලාප පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    පුත්තලම තබ්බෝව ජලාශය හා පොල්පිතිගම හක්වටුනාඔය යන ව්‍යාපෘති ආශි‍්‍රතව  එහි නියමු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බවත්  වී අස්වැන්න නෙලීම වසරකට දෙවරක් පමණක් සිදු වන බැවින් ජනාතාවට ආදායම් ලැබෙන තවත් ව්‍යාපෘති වෙත අවතීර්ණ වීමට අවස්ථාව උදා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාහයට අයත් ප‍්‍රධාන වාරි ව්‍යාපෘතිය වන හක්වටුනාඔය ව්‍යාපාරය පිළිබඳ පසුගියදා පැවති ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     හක්වටුනාඔය වැවේ සමස්ත ජලධාරිතාව අක්කර අඩි 19727 කි. මෙම ව්‍යාපාරයෙන් යැපෙන සමස්ථ ජනගහනය 25000 ක් ලෙස ගණන් බලා තිබේ. මෙම ජලාශයෙන් විහිදී යන ඇල මාර්ග දෙකකි. එමගින් ජලය සැපයෙන ගොවි බිම් ප‍්‍රමාණය අක්කර 6500 කි. ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන ගණන 13 කි.

    ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන 540 ක මුදලක් යොදමින් මෙම වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

    මේ අතර ගොවි ජනපද වෙත පළතුරු, එළවළු හා ඖෂධ වගා කිරීමේ ව්‍යාපෘතියක් හඳීන්වා දීමට ද නියමිත අතර ඒ සඳහා උනන්දු වන ගොවි ජනතාවට සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya