අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අනාගත ශ්‍රී ලාංකේය රූපවාහිනි වැඩසටහන් සහ අපි" මැයෙන් දීප ව්‍යාප්ත රචනා තරගයක්

    ජූලි 08, 2014
    "අනාගත ශ්‍රී ලාංකේය රූපවාහිනි වැඩසටහන් සහ අපි" මැයෙන් යුත් දීප ව්‍යාප්ත රචනා තරගයක් සංවිධානය කර ඇත.
     
    රූපවාහිනි මාධ්‍ය ශ්‍රී ලංකාවට හඳුන්වා දී දශක තුනක් ඉකුත්ව ඇති පසුබිමක, එම මාධ්‍යයේ ගමන් කළ යුතු මග පිළිබඳ ව පර්යේෂක අදහස් ලබා ගනිමින්, ඒ ඔස්සේ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ නිර්ණායක ගොඩනගා ගැනීමට මාධ්‍ය ආයතනවලට අනුබල ලබාදීමේ අරමුණෙන්  සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය රූපවාහිනී කලා අනු මණ්ඩලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
     
    මෙම තරගය කණිෂ්ඨ , ජ්‍යේෂ්ඨ හා විවෘත වශයෙන් ඉසව් තුනකින් සමන්විත වන අතර කණිෂ්ඨ අංශය සඳහා වයස අවුරුදු 12ට අඩු ළමයින්ට ද, ජ්‍යේෂ්ඨ අංශය වයස අවුරුදු 13 - 18 අතර ළමයින්ට ද, වයස අවුරුදු 18ට වැඩි අයට විවෘත අංශයට ද සහභාගී විය හැකිය. සියලු ඉසව් සඳහා රචනා තරගයේ මාතෘකාව වන්නේ "අනාගත ශ්‍රී ලාංකේය රූපවාහිනි වැඩසටහන් සහ අපි" යන්නයි. ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන කැමති මාධ්‍යයකින් සහභාගි විය හැකිය. එහෙත් එක් මාධ්‍යයකින් එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් රචනයක් පමණි.
     
    රචනය එවිය යුත්තේ පැහැදිලි අත් අකුරින් A4 ප්‍රමාණයේ කඩදාසිවල තනි පැත්තේ ලියා හෝ යතුරුලියනය හෝ පරිගණකගත කිරීමෙන් වන අතර කණිෂ්ඨ අංශයේ රචනාවක වචන සංඛ්‍යාව 75 - 100 ත් අතර ද, ජ්‍යේෂ්ඨ අංශයේ රචනාවක වචන සංඛ්‍යාව 200 - 250 ත් අතර ද, විවෘත අංශයේ රචනාවක වචන සංඛ්‍යාව 450 - 500 ත් අතර ද විය යුතුය. 
     
    සියලුම රචනා මුලකුරු සමග නම, සම්පූර්ණ නම, ලිපිනය, දූරකතන අංකය, තරග අංශය, උපන් දිනය හා ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ අංශ තරගකරුවන් විදුහල්පති හෝ පන්තිභාර ගුරුතුමාගේ සහතිකය සහ විවෘත අංශයේ තරගකරුවන් තමන්ම සහතික කර ලබන ජූලි 31 වන දිනට පෙර  ලේකම්, රාජ්‍ය රූපවාහි කලා අනු මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුය. ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවර රූපවාහිනි රචනා තරගය යන්න සඳහන් කළ යුතුවේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya