අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    CITES සමුළුව සඳහා ලාංඡනයක් නිර්මාණය කිරීමේ තරගයක්

    ඔක්තෝබර් 23, 2017
    ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 18 වැනි සයිටීස් CITES (The Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) සමුළුව සඳහා ලංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් පැවැත්වීමට තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය තීරණය කොට ඇත.
     
    ඒ අනුව නිර්මාණ වෘත්තිකයන් ( නිර්මාණ ක්ෂේත්‍රයේ නිපුනතා ඇති පුද්ගලයන්, ග්‍රැෆික් නිර්මාණ වෘත්තින් හා සම්බන්ධ ක්ෂේත්‍රයේ රැකියා නියුතු පුද්ගලයන්, ග්‍රැෆික් නිර්මාණ ආයතන හිමිකරුවන් හෝ පාර්ශවකරුවන්) ශිෂ්‍යන් ( අධ්‍යාපන ආයතන හෝ පාසල්වල ග්‍රැෆික් නිර්මාණ හා ආශ්‍රිත විෂයන්  හදාරන අය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඇති පාසැල්වල ඕනෑම  ශිෂ්‍යයෙක්) මහජනතාව (ඉහත කාණ්ඩවලට අයත් නොවන ඕනෑම පුද්ගලයෙක්) මේ සඳහා සහභාගි විය හැකිය.
     
    සියලු යොමුකිරීම් ( චිත්‍ර සහ සංයුක්ත තැටි) දෙසැම්බර් 15 දින දක්වා සයිටීස් ලාංඡන තරගය, සියීටීස් ලේකම් කාර්යාලය, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය, 9වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල වෙත තැපෑලෙන් හෝ රැගෙනවිත් භාරදීම සිදුකළ හැකිය. 
     
    මෙම තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 887 421 සහ 0112 888 585 යන දුරකථන අංකවලින් හා www.msdw.gov.lk , www.dwc.gov.lk වෙබ් අඩවිවලින් ලබාගත හැක.
     
    CITES (The Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) යනුවෙන් හදුන්වනු ලබන අතර එහි සිංහල අර්ථය වන්නේ “තර්ජනයට ලක් වූ වනජීවී සහ ශාක විශේෂ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ වූ සම්මුතිය” යනුවෙනි.
     
    සයිටීස් යනු වර්ෂ 1975 ජුලි මස පළමු දින ක්‍රියාවට නංවන ලද තර්ජනයට ලක්ව ඇති සත්ව සහ ශාක විශේෂ පිළිබඳ සම්මුතියයි. මේ සඳහා ආරම්භයේදී රටවල් 80ක් එකඟතාවයට එළඹුන අතර මේ වන විට රටවල් නැතහොත් පාර්ශවකරුවන් 186ක් අත්සන් කර ඇත.
     
    එය රාජ්‍යයන් අතර වන අන්තර්ජාතික එකඟතාවක් වන අතර එහි අරමුණ වන්නේ වන සතුන් සහ ශාක (සජීවී, අජීවී කොටස් ) ඒවායේ ස්වභාවික ස්ථානයන්හි පැවැත්ම කෙරෙහි තර්ජනයක් ඇති නොවන අන්දමින් අන්තර්ජාතික වෙළඳාම නියාමනය කිරීමයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya