මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ 53වන සංවත්සරයට පිංකම් මාලාවක්

    ජූලි 07, 2014

    මහජන බැංකුවේ 53වන සංවත්සරය නිමිත්තෙන් පසුගිය දෙදින (05-06) තුළ බැංකු බෞද්ධ සංගමය සංවිධානය කරන ලද පිංකම් මාලාවක් මහජන බැංකු ප්‍රධාන කර්යාලයේදී පැවැත්විණ.


    මහජන බැංකුවේ ආරම්භක පුරෝගාමීන් හා අතීත හා වත්මන් කාර්යමණ්ඩලයේ වියෝ වූ සැමට පිංපෙත් පැමිණවීම හා රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට හා විශ්‍රාමික සේවක පිරිස් මෙන්ම වත්මන් කාර්යය මණ්ඩලයට ද ආශිර්වාද පතා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවති අතර, පසුදිනට අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සහිත දානමය පිංකමක් ද පැවැත්විණි.

    මෙම පිංකම් මාලාව කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර නායක ස්වාමීන්වහන්සේ ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
    මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති ගාමිණී එස්. සෙනරත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු ආයතනික හා  විධායක කළමනාකාරීත්වය, මහජන බැංකු කාර්යමණ්ඩලය හා විශ්‍රාමික සේවක පිරිස් ද සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya