අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරණාගත පිරිසට පහරදීම හෙළි දකිනවා - මුදල් හා ජනමාධ්‍ය ඇමැති

    සැප්තැම්බර් 28, 2017
    ගල්කිස්සේදී එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ හිටපු රොහින්ග්‍යා මියන්මාර් සරණාගතයින් පිරිසකට පහරදීම, මාධ්‍ය ඇමතිවරයා වශයෙන් පමණක් නොව, ශ්‍රී ලාංකීය බෞද්ධයෙක් හැටියටත්, මම තරයේ හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
     
    "අපි කුඩා කාලේ ඉඳලම බෞද්ධයන් හැටියට අපිට උගන්වන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියන්න. කවදාවත් අපිට උගන්වලා නෑ සිංහල සත්වයන්ට නීරෝගී වෙත්වා කියන්නවත් බෞද්ධ සත්වයන්ට නීරෝගී වෙන්න කියන්නවත් නෙවෙයි. සියලු සත්සත්වයන් වෙනුවෙන් අනුකම්පාව තියන ආගමක් තමයි බෞද්ධාගම; ධර්මයක් තමයි බෞද්ධ ධර්මය. නමුත්, මේ සියල්ල කෙළෙසමින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ පසුගිය මාස කිහිපය තුළ තාවකාලිකව ලංකාව තුළ රැඳී සිටින මේ අහිංසක සරණාගතයන්ට පහරදීම ඉතාමත්ම පහත් ක්‍රියාවක් හැටියට අපි හැමෝම දකින්න ඕනේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීතිවලට අනුකුලව යම් කෙනෙක් සරණාගතයෙක් හෝ සරණාගතයන් හැටියට රටට ඇතුළුවෙනවා නම් ඒ අය තාවකාලිකව රැකබලාගෙන ඒ  අයට සුදුසු තැනක් ලැබුණාම එහි පදිංචි කිරීම සාමාන්‍ය සිරිතයි". 
     
    "ඇත්ත වශයෙන්ම මෙය රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආපු පළමු වතාව නෙමෙයි. 2008 මාර්තු මාසේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මේ වගේම සරණාගතයින් පිරිසක් මුහුද මැද අසරණ වූ වෙලාවේ ඒ අයගේ ජිවිත බේරාගෙන, කාලයක් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ලංකාවේ මේ ආකාරයටම තියාගෙන, පසුව, 2012 වෙන කොට ඒ අය ඇමරිකා එක්සත් ජනපදයේ සරණාගතයින් හැටියට පිළිගත්තයින් පස්සේ ඒ රටවල්වල පදිංචියට ගියා. ඒවගේම 2013 පෙබරවාරි මාසෙත් මේ ආකාරයටම මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් 32 ක් සහ 138 කට ශ්‍රී ලංකාව තුළ රැකවරණය දුන්නා. ඒ අයටත් 2014 හා 2015 වර්ෂ තුළ ඇමරිකාව හා කැනඩාව යන රටවලට යන්න හැකියාවක් ලැබුණා. මෙන්න මේ විදිහට තමයි මේ සරණාගතයිනුත්  පසුගිය අප්‍රේල් මාසේ 30 වෙනිදා මිරිහාන මධ්‍යස්ථානයට ගෙනල්ලා ඒ අයවත් වෙනත් රටවල්වලට යැවීම සඳහා කටයුතු කරගෙන යනවා" යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya