අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ගැටලු විසඳීමට ගම් මට්ටමට යන වැඩසටහනක්

    සැප්තැම්බර් 20, 2017

    මහජන දිනය යෙදෙන බදාදා දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවය ලබා ගැනීමට පැමි‍ණෙන ජනතාවගෙන් 75%ක් පමණ ඉඩම් ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට පැමිණෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ඒ අතර වසර 30- 40 ක පමණ කාලයක් විසඳුම් නොලැබුණු ගැටලුද තිබෙන බව පසුගියදා මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති මහනුවර ඉඩම්ලාභීන් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයෙන් සංවිධානය කළ ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා තම අමාත්‍යංශයෙන් නව වැඩපිළිවෙළක් සකස් කොට ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු ගම් මට්ටමට ගෙන යෑමට අපේක්ෂා කරන බවත් දුන්නේය. ඒ අනුව කිසියම් කාලසටහනක් අනුව ගමින් ගමට නිලධාරින් යොමු කොට ජනතාවගේ ඉඩම් ගැටළු සඳහා විසඳුම් සෙවිය හැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

    ඉඩම් අයිතිය අහිමි ජනතාවට ඉඩම් ලබාදීමේ කඩිනම් ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම්ලාභීන්ට ඔප්පු ප්‍රදානය වෙනුවෙන් පැවති මෙම උත්සවයේදී මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් 600 කට ආසන්න පිරිසක් සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු පිරි නැමීම සිදු කෙරිණි.

    මෙම උත්සවය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya