මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අරුණ දකින රටා - 2017"

    සැප්තැම්බර් 11, 2017
    ළමා ලේකම් කාර්යාලය මගින් 7 වන වරටත් සංවිධානය කරනු ලබන "අරුණ දකින රටා - 2017 " මුල් ළමාවිය දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය අද (11)  මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී  පැවැත්විණි.
     
    චිත්‍ර ප්‍රදර්ශනය පෙරවරු 8.30 සිට පස්වරු 4.30දක්වා විවෘත ව පවතින අතර දිවයිනේ දිස්ත්‍රික් 25 නියෝජනය වන පරිදි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් පැවැත්වූ තරගවලින් ජයග්‍රහණය කළ අවුරුදු 3 - 5ත් අතර පෙර පාසල් මට්ටමේ දරුවන් 500දෙනෙකුගේ චිත්‍ර මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
     
    එමෙන් ම එම දරුවන් වෙත ත්‍යාග හා සහතික පිරිනැමීම ද මෙහිදී සිදු විය.
     
    පසුගිය කාලයේ දී පාසලට වඩා පෙර පාසල වෙත තිබූ රජයේ අවධානය අඩුවක් පැවතිය ද වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් ව ඇතැයි ද ඒ අනුව විවිධ ව්‍යාපෘති තම අමාත්‍යංශය යටතේ පෙර පාසල් සංවර්ධන කටයුතු සංවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රාණි සේනාරත්න මහත්මිය පැවසුවාය.
     
    මුල් ළමාවිය දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් මෙන්ම හසුරු කුසලතා වර්ධනය කිරීමත් එම හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීමත් සහ අගය කිරීමේත් අරමුණින් යුතු ව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, ළමා ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya