අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අරුණ දකින රටා" චිත්‍ර ප්‍රදර්ශනය ලබන 11 දා

    සැප්තැම්බර් 07, 2017

    ළමා ලේකම් කාර්යාලය මගින් 7 වන වරටත් සංවිධානය කරනු ලබන "අරුණ දකින රටා" මුල් ළමාවිය දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ලබන 11 වැනි දින  මහරගම ජාතික තරුණ සේවා සභාවේදී  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ඊට සමගාමීව ත්‍යාග ප්‍රදානෝත්සවය ද පවත්වනු ලැබේ.

    ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි අවුරුදු 3ත් 4ත් අතර පෙර පාසල් යන හා නොයන මුල් ළමාවිය දරුවන් 500කගේ සිතුවම් 500ක් මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වන අතර පස්වරු 2.00ට එම දරුවන් වෙත ත්‍යාග පිරිනැමීම සිදු වේ.

    මුල් ළමාවිය දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් මෙන්ම හසුරු කුසලතා වර්ධනය කිරීමත් එම හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීමත් සහ අගය කිරීමත් මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya