මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 28දා

    අගෝස්තු 24, 2017
    පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ලබන 28දා පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී   සිදුකෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (24) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    සංගීත අසපුව පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේ දී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන් ම එතුමාගේ අදාහන උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දුන් පොරොන්දුවක් යථාර්ථයක් බවට පත්කරමින් මෙම අසපුව ඉදිකෙරෙන බවත් ඒ සඳහා අයවැය හරහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත මුදල් ප්‍රතිපාදන වෙන් ව ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුනි.
     
    බත්තරමුල්ල අපේගම ආසන්න නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භුමියක් පුරා මෙම සංගීත අසපුවේ ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර ම අමරදේව අසපුව ආයතනයක් ලෙසින් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම සඳහා මේ වන විටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි ද පැවසීය.
     
    මේ සඳහා රුපියල් මිලියන 250ක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට ඇති අතර ඒ සඳහා 2017 සහ 2018 වසරවලදී මහභාණ්ඩාගාරය වෙතින් මුදල් ප්‍රතිපාදන ලබාදීමට නියමිත අතර එහි ඉදිකිරීම්  2019 වසරේ මුල්කාර්තුව වන විට අවසන් කොට ජනතා අයිතියට පත්කිරීමට ද බලාපොරොත්තු වේ. 
     
    සමස්ත රටවාසීන්ගේ ම ගෞරවය හා ආදරය දිනාගත් අමරදේවයන් විසින් කළ සේවාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් මෙම සංගීත අසපුව ඉදිකෙරේ.
     
    සංගීත අසපුව තම පියාණන්ගේ අඳහසකට අනුව ඉදිවන බවත් එය පුස්තකාලය, ලේඛනාගාරයක් හා කෞතුකාගාරය සහ සංරක්ෂණගාරයකින් යුක්ත  වන බවත් එම පරිශ්‍රය තුළ ම අමරදේව ස්මාරකයක් ඉදිවන අතර ම  පණ්ඩිත් අමරදේවයන්ගේ වර්ෂ සැමරුම හා සමඟාමී ව එම පරිශ්‍ර යේ සුදුසු ස්ථානයක භෂ්මාවශේෂ තැන්පත් කිරීම කටයුතු කරන බවද රන්ජන් අමරදේව මහතා පැවසීය.
     
    මෙම අවස්ථාව පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya