අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 28 දා

    අගෝස්තු 23, 2017

    අභිනවයෙන් ඉදි කිරීමට නියමිත පණ්ඩිත අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය  ලබන 28 වන දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

    කීර්ති ශේෂභාවෝපගත ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව අගයනු වස්  “අමරදේව අසපුව” නමින් ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටුවීමට ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් කටයුතු කරමින් පවතී.

     

    මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ අමරදේව පදනමේ සභාපති විමලා අමරදේව මහත්මිය, අධ්‍යක්ෂ රංජන් අමරදේව මහතා ඇතුළු නිලධාරීන්ද, කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya