අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ගේ නාට්‍යක් උසස් පෙළට එයි

    අගෝස්තු 23, 2017

    මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ගේ මනමේ, සිංහබාහු ඇතුළු නාට්‍ය රැසක් පාසල් විෂය නිර්දේශය තුළ වරින් වර ඇතුළත් ව පැවති අතර, මෙවර හඳුන්වා දෙනු ලැබූ  2019 නව උසස් පෙළ සිංහල විෂය නිර්දේශයටද සරත්චන්ද්‍ර මහතාගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යය ඇතුළත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    දේශීය නාට්‍ය කලාවේ ගමන්මඟ සකස් කරන්නට පුරෝගාමී මෙහෙවරක යෙදුණුමහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ට කෙ‍ෙරන ගෞරවනීය උපහාරයක් ලෙස, එම නාට්‍යයේ  නිෂ්පාදන කටයුතු සඳහා එදිරිවීර සරත්චන්ද්‍ර පදනම වෙත රුපියල් ලක්ෂ 5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.

    එදිරිවීර සරත්චන්ද්‍ර පදනම වෙනුවෙන් සරත්චන්ද්‍ර මහතාගේ භාර්යාව වන ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය අදාළ චෙක්පත භාරගත් අතර දේශීය රංග කලාවේ උන්නතිය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය.

    ‘පෙමතෝ ජායතී සෝකෝ’ නාට්‍යය දැනට වේදිකාගත නොවන අතර, එය නව නිෂ්පාදනයක් ලෙස මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර පදනම මඟින් නිෂ්පාදනය කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya