අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිතාර් වාදනයෙන් ඩිලාන් චතුරංග ඉදිරියට

    ජූලි 02, 2014

    කෑගල්ල ස්වර්ණ ජයන්ති විදුහලේ කලා අංශයේ 13 වසරේ ඉගනුම ලබන ඩිලාන් චතුරංග සිසිර කුමාර සිසුවා සිතාර් වාදනයට හා වෙනත් කලා කටයුතුවලින් දස්කම් පා ජාතික ශුරතා රැසක් හිමි කර ගැනීමට සමත්ව ඇත.


    2011 වර්ෂයේ සමස්ත ලංකා (ඒකල) සිතාර් වාදන ජ්‍යෙෂ්ඨ අංශයේ පළමු තැන ලබා ගැනීමට ඩිලාන් චතුරංග සිසුවා සමත්ව ඇත. මෙයට අමතරව 2011 සමූහ වාදන ජන ගී ආශ්‍රිත නිර්මාණ කණ්ඩයේ සමස්ත ලංකා පළමුතැන  දිනූ කංඩායමේ සිතාර් වාදකයාද ලෙස කටයුතු කර ඇත. එසේම 2012 වර්ෂයේ සාම්ප්‍රදායික කඩු නර්තනයේ සමස්ත ලංකා පළමු ස්ථානය ලැබු කණ්ඩායමේද සාමාජිකයකු විය.


    2013 වර්ෂයේ සබරගමුව පළාත් තේමාන්තික නාට්‍ය උළෙලේ හොදම සහාය නළුවාත්  “එසැන” නිරූපණ කණ්ඩායම් තරගයේ පළාත් හොඳම නළුවා වී ඇත.


    බකමූණ මහා විද්‍යාලයේ හා රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබා ඇති ඩිලාන් චතුරංග උසස් පෙළ සඳහා කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයට පැමිණ ඇත. ඹහුගේ ප්‍රථම සංගීත ගුරුවරයා වන්නේ එල්.එස්. චන්ද්‍රසිරි මහතාය. මහාචාර්ය සනත් නන්දසිරි, නිර්මලා රුද්‍රිගු, රූපිකා තිලකරත්න, බොකලවල යන මහත්ම මහත්මීන් ඔහුගේ ගමන් මගට මග පෙන්වූ  අය වූහ. විශේෂයෙන් ස්වර්ණ ජයන්ති විදුහලේ විදුහල්පති  හා ගුරු මණ්ඩලය තමන්ගේ කලා දිවියට දක්වන සහය ඉතා ඉහළ බව ඩිලාන් චතුරංග පවසයි.


    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya